ඔබේ පෙම්වතිය/පෙම්වතා ඔබව හැරදා ගියා ද?
විරහ වේදනාව ඉවසා ගන්නට බැරිද ?
ඔබ වෙනුවෙන් ඇයට/ඔහුට කරන්නට තව එකදෙයක් ඉල්ලා සිටිය හැකි ද?
හැකිනම් ඇයගේ /ඔහුගේ අසූච් බඳුනක් ඉල්ලා සිටින්න.
ඔබට ඇය/ඔහු මතක්වන සෑම විටම එය දෙස බලන්න.
මෙය ඇයගේ/ඔහුගේ නොවේදැයි සිතන්න.
ඔබට තවමත් ඈ ගැන හැඟුම් පහලවේ නම් මානසික රෝහලකට යන්න.
සටහන: අදහස පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ග්‍රන්තයක් මගින් ලබාගත්තක්. පුජ්‍ය අජාන් චා හිමි තම ශිෂ්‍ය හිමි නමකට දුන් උපදෙසක් අනුව ලීවෙමි.
Friday, January 30, 2009
පෙම්වතියගේ අසූච් බඳුන
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 2:01 PM 15 ප්‍රතිචාර
Thursday, January 29, 2009
ඇසට හසු නොවන කැමරා ඇසට හසුවන ආලෝක ලප
කාලෙක ඉඳන් ලියන්න හිතේ තිබ්බ දෙයක්. නමුත් ලියන්න බැරිවුනා. කොහොම හරි අද ලියන්න පටන් ගත්තා. බොහෝමයක් භෟතික වාදීන් මේක පිලිගන්න එකක් නෑ. ඒත් පුද්ගලිකව මගේ මතය ඉදිරි පත් කිරීමට අවසර.
මුලින්ම මම මේ ගැන දැක්කේ ඩිස්කවරි නාලිකාවේ ගිය වැඩ සටහනක. ඒක භූතයන් ගැන කරපු වැඩ සටහනක්. භූතයන් ඉන්නවා කියන ස්ථාන වල ගත්ත ඡායාරූප වල තියෙන කුඩා ආලෝක ලප වගයක්. අන්ත ගාමීනොවී සකස් කළ එම වැඩසටහනේ එම ආලෝක ලප භූතයන්ගේ වන බවට හා එසේ නොවන බවට අදහස් ඉදිරිපත් වෙලා තිබුනා. සමහර අය කිව්වේ ක්ෂණික ආලෝකය(ෆ්ලෑෂ් ලයිට්) දූවිලි අංශුමත වැටීමෙන් ඇතිවන දිලිසීමක් විය හැකි බවයි. කොහොම වුනත් ඒවා අරන් තිබුනේ ඩිජිටල් කැමරා වලින්. ඒ රූප වල පෙන්වපු ආලෝක ලප තරමින් බොහෝමයක් කුඩායි. නමුත් දූවිලි අංශුවකට වඩා බොහෝ සේ විශාලයි.
මාගේ මිත්‍ර කපු මහතෙකු(බන්ඩාර) විසින් මට ඔහු විසින් කරන ලද බහිරව පූජාවක දී ගන්නා ලද ඡායා රූප වගයක් මට පෙන්වූවා. ඒකෙත් මම අර කලින් කියූ ඩිස්කවරි වැඩසටහනේ තිබූ පරිදි ආලෝක ලප වගයක් සටහන් වෙලා තිබුනා. ඔහු විසින් තවත් පුවත් පතක පලවීතිබූ පංසලක බෝගසක් අසල මෙවන් ආලෝක ලප කීපයක් ඇති ගත් ඡායරූප කීපයක් පෙන්වූවා.(ඒ ලිපියේ ගැන ලියූ හිමිනම ගැන නම් මතකයක් නෑ) මෙම ඡායාරූපද රැගෙන තිබුනේ ඩිජිටල් කැමරාවකින්(මෙගාපික්සල් 7ක පමණ). අර ලිපිය ලියූ හිමිනමගේ මතය වූවේ මේවා දෙවි වරුන්ගේ හෝ අමනුශ්‍යයන්ගේ බව යි.
පහත දැක්වෙන්නේ බන්ඩාර කපු මහතා විසින් කරනු ලැබූ බහිරව පූජාවේ ගත් ඡායාරූප කීපයක්.(පැහැදිලිව නොපෙනේ නම් පිංතූරය මත ක්ලික් කරන්න.)
1 රූපය
2 රූපය
3 රූපය
4 රූපය
5 රූපය
1 සහ 2 රූප වලින් දැක්වෙනුයේ බහිරව පූජාව ආරම්භයට පෙර ගත්ත ඡායාරූප කීපයක්. 3 රූපය එය ආරම්භ කරන ලද අවස්ථාවේ ගත් ඡායාරූපයක්. 4 සහ 5 රූප 3වන රූපයෙන් කපාගත් කොටස් දෙකක්.
1 සහ 2 රූප හොඳින් පරික්ෂා කර බැලුවහොත් විවිද ආලොක ලප බොහෝ ගණනක් ඔබට සොයා ගත හැකි වේවි. වඩාත් වැදගත්ම ඡායා රූපය 3වන ඡායාරූපය යි. එහි තට්ටුව මත ඇති විශාල ආලෝක ලපය බලන්න. එය හරියටම තට්ටුව මැද්දේම ඇත. එහි කපා මෘදුකාංගයක් මගින් ලෙවල් සකස් කර පැහැදිලි කරන ලද ඡායාරූපයක් 4වන රූපයේ දැක්වේ. ඒ අතරම 3වන ඡායාරූපයේ තවත් විවිද ප්‍රමානයේ ආලෝක ලප තැන තැන විසිරී ඇති ආකාරය පරීක්ෂා කර බලන්න. වඩා වැදගත්ම කාරනාව ඇත්තේ 5වන රූපයේ ය. ඒ බන්ඩාර කපුමහතාගේ කය මැඇති විශාල ආලෝක ලපය යි.
මට පුද්ගලිකව අන්තර්ජාලයේ පළ කිරීමට අවසර ගැනීමට නොහැකිවූ තවත් මෙවැනි ආලෝක ලප ඇති ඡායාරූප ගණනාවක්ම මා සතුව සහ මා දැක තිබෙනවා. ඒවායින් කීපයක් රුවන්වැලිසෑය අසල කරන ලද පිච්ච මල් පූජාවේදී ගත් ඡායරූපයි. මා දැක ඇති වඩාත් ලස්සනම ආලෝක ලප දුටුවේ එම ඡායාරූප වල යි. ඒවා විවිද වර්ණයන් ගෙන්(නිල්,කහ,රතු ආදී) යුක්ත යි. එසේම තවත් මගේ මිතුරෙකු විසින් බෝදි පූජාවක් කරන අවස්ථාවක දීද මෙවන් ආලෝක ලප විශාල ගණනක් තිබුනා. ඉදිරීයේදී ඒවායින් කීපයක් පලකිරිමට අවසර ගත හැකි වේවි. තවත් එකක් රැගෙන තිබුනේ දෙහිවල ඇන්ඩෙන්සන් කෝවිලේය. ඒවාගේද මෙවන් ආලෝක ලප ගණනාවක් තිබුනා.
අනෙත් කාරනාව මේ සියළු කැමරා හොඳ ක්‍රියා කාරීත්වයකින් යුක්ත ඒවා. ඒවා මගින් වෙනත් ස්ථාන වල ගත් ඡායාරූප වල මෙවන් ආලෝක ලප සටහන් වෙලා නෑ.
දැනටමත් හිතුවාට වඩා මේ ලිපිය දිගින් වැඩි වූනිසා මේ ආලෝක ලප පිලිබඳ මගේ පුද්ගලික මතය වෙනත් ලිපියකදී ඉදිරි පත් කරන්නම්. එසේම ඔබටම ඒවා අත්හදා බැලිය හැකි ආකාරයක් ද කියා දෙමි.
Note: The photographs and articles in this section are copyrighted material and cannot be used, copied or inserted in another website(or in any media) without the written permission from copyright holder. I (Dasun Sameera Weerasighe) only have right to publish those pictures in this site. Text Content Copyright belong to me.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 2:33 PM 21 ප්‍රතිචාර
Sunday, January 25, 2009
Airtel වල සල්ලි කැපෙන්නේ නෑති අලයක්.
මම නම් ඔන්න තාම ඕක ගත්තේ නෑ. ඒත් අපේ ගෙදර අනිත් අය නම් ගත්තා. කියන්න දෙයක්නෑ හරි අමාරුයි කෝල් එකක් ගන්න. ඒත් ඒ ඔක්කොමට හරියන්න නියම අලයක් තියෙනවා. සමහර වෙලාවට ගන්න කෝල් වලට සල්ලී කැපෙන්නේ නෑ. ඔන්න ටරයි කරලා බලන්න. :)
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 6:17 PM 9 ප්‍රතිචාර
ප්‍රවර්ග වංහුං
Wednesday, January 14, 2009
මොකක්ද මේ තෛයි පොංගල්
සාමාන්යෙන් තෛයි පොංගල් සමරන්නේ විශේෂයෙන් දෙමළ ජාතිකයන්. ඒත් මොකක්ද මේ? වචනාර්තයෙන් නම් උතුරායන කිරි කියන එකයි. හරියට අපි සිංහල අලුත් අවුරුද්දට කරනවා වගේ. ඒත් ඇයි මේක ජනවාරි 14ටයි 15ටයි මාරු වෙන්නේ. පිළිතුර සරලයි හරියට අපේ සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් 13 හෝ 14 හෝ තියෙන හේතුවම යි. තව දුරටත් පැහැදිලිව කියනව නම් සිංහල අලුත් අවුරුද්ක කියන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම. තෛයි පොංගල් කියන්නේ සූර්යා ධනු රාශියෙන් මකරයට පැමිණීමයි. මකරය පැමිණීම වශේෂ වන්නේ මේ නිසයි. සූර්යා පෘථිවිය වටේ ගමන් කරන්නේ සාපේකෂ ඇලයකින්. ක්‍රාන්තිය කියලා කියන්නේ අහල ඇතිනේ. එතකොට පෘථිවි සමකයෙන් දක්ෂිණ ධ්‍රැවය දෙසට ගමන් කර සූර්යා නැවත උත්ර ධ්‍රැවය දෙසට ගමන් කිරීම අරඹන දවස තමා තෛයි පොංගල් දිනය. මෙතනදී මෙතරම් කල් පහලට ගමන් කරන ලද ඉර ඉහලට ගමන් කිරීම ඇරඹීම තමා සමරන්නේ. නැතහොත් ධනු රාශියේ සිට මකර පැමිණීම යි. සිංහල අලුත් අවරුද්දේ දී ඉර සමකයට පැමිණීම සමරනවා. ඒ මීන රාශියේ සිට මේෂයට පැමිණීම යි.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 10:15 PM 1 ප්‍රතිචාර
Monday, January 5, 2009
ඇඩ්මින් බලය නැති පරිගණකයක සිංහල යුනිකේත කියවන හැටි.
සමහර විට සේවා ස්ථානයේදී නැතිනම් internet cafe එකකදී ලැබෙන පරිගණකයක සිංහල ස්ථාපනය කරන්න ඇඩ්මින් බලතල ලබා ගැනීම ගැටළුවක් වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවකට කියවීමේ පහසුකම විතරක් හදාගන්න පුළුවන් පොඩි උප්පර වැට්ටියක් මේ. නමුත් font එකක් පිටපත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. වින්ඩොස් xp මෙහෙයුම් පද්ධතියේ තමා අත්හදා බැලුවේ.
පොර්ටබල් FireFox සඳහා
http://portableapps.com/apps/internet/firefox_portable
මුලින්ම පොර්ටබල් firefox එක නිවැරදිව පෙන්ඩරයිවර් එකට ස්ථාපනය කරන්න. ඉන්පසු
දැනට නිවැරදිව සිංහල දර්ශණය වන පරිගණකයක C:\WINDOWS\system32\usp10.dll කියන dll ගොනුව පොර්ටබල් FireFox ස්ථාපනය කරනු ලැබූ ඩිරෙක්ටරිය තුල ඇති FirefoxPortable\App\firefox\ යන ඩිරෙක්ටරිය තුලට පිටපත් කරන්න.
එසේම ඔබ කැමති සිංහල යුනිකේත ෆොන්ට් ගොනුවක්(*.ttf) පෙන් ඩරයිවරය තුලට පිටපත් කරන්න.
දැන් දැනට යුනිකේත නැති පරිගණකයට පෙන්ඩරයිවරය ඇතුලත් කර ෆොන්ට් ගොනුව ස්ථාපනය කරන්න(%systemroot%\fonts\ ඩිරෙක්ටරිය). ඉන්පසු පොර්ටබල් FireFox වලින් නිවැරදිව සිංහල දිස්වෙනු ඇත.
IE සඳහා
දැනට නිවැරදිව සිංහල දර්ශණය වන පරිගණකයක C:\WINDOWS\system32\usp10.dll කියන dll ගොනුවක් පෙන් ඩරයිවරය තුලට පිටපත් කරන්න.
එසේම ඔබ කැමති සිංහල යුනිකේත ෆොන්ට් ගොනුවක්(*.ttf) පෙන් ඩරයිවරය තුලට පිටපත් කරන්න.
දැන් දැනට යුනිකේත නැති පරිගණකයට පෙන්ඩරයිවරය ඇතුලත් කර ෆොන්ට් ගොනුව ස්ථාපනය කරන්න. ඉන්පසු usp10.dll එක %programfiles%\Internet Explorer\ කියන ඩිරෙක්ටරියට පිටපත් කරන්න. දැන් IE වල නිවැරදිව සිංහල දිස්වෙනු ඇත.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 1:34 PM 8 ප්‍රතිචාර
ප්‍රවර්ග පරිගණක




