අලුත් අවුරුද්දේ අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ. ඊ-සඟරාවක් කළ යුතුයි කියන එක කාලයක සිට සිතේ තිබ්බ අදහසක්. නොයෙක් හේතුන් නිසා මේ අදහස යට ගිහින් තිබ්බේ. නමුත් ලබන වසර ආරම්භයත් සමග අලුත් සඟරාව එළි දක්වන්නයි අදහස් කර සිටින්නේ. සංයුක්ත තැටියකින් සහ කුඩා මුද්‍රිත සඟරාවකින් යුත් පැකේජයක් ලෙස නිකුත් කරන්නට අදහස් කර සිටින මෙය තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනික වටිනාකමකින් යුත් විෂයන් අලලා සකස් කෙරෙනවා. බ්ලොග්කරණයේ ක්‍රියාශීලි සාමජිකයන්, ක්‍ෂ්ත්‍රයේ ප්‍රවිණයන් ගේ දායකත්වය සහිතව මාසිකව නිකුත් කරීමට අදහස් කර සිටින මෙම සඟරාව දිවයින පුරා බෙදා හරිනු ලබනවා. මේ සඟරාව රුපියල් සියයක් වගේ පහසු මිලකට ලාබා දෙන්න කටයුතු කරමින් සිටිනවා.
සංයුක්ත තැටියකින් එන නිසා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ද එක්ක කළ හැකි වීම විශේෂ වාසියක්. සෑම විටම සඟරාව තුල අඩංගු වන සියලු අංගයන්ගේ ප්‍රතිරූපණ අයිතිය(copyrights) සුරැකීමටත් අන් අයගේ ප්‍රතිරූපණ අයිතීන් ආරක්ෂා කිරීමටත් බැඳී සිටිමු.
සඟරාව සඳහා විවිධ නාමයන් කීපයක්ම ඉදිරිපත්ව ඇතත් ඔබටද මෙවන් සඟරාවකට උචිත නමක් යෝජනා කළ හැකිනම් ඉතා අගෙයි. තවද සඟරාව සඳහා තාක්ෂණික, අධ්‍යාපනික හා වෙනත් විශේෂාංග ලිපි ලිවීම මගින් හෝ ශ්‍රව්‍ය දෘශය වැඩසටහන් සම්පාදනය මගින් මේ සඳහා දායකත්වය දැක්වීමට කැමති අය info@sigma.lk ලිපිනයට ලියන්න.
Thursday, August 20, 2009
සංයුක්ත තැටියෙන් එන ඊ-සඟරාවක්
Subscribe to:
Post Comments (Atom)





4 ප්‍රතිචාර:
honda vadak
එළ වැඩක්.. මගෙත් ගොඩක් කල් ඉඳල අදහසක් තිබුන... වැඩේ පටන් ගන්න අපිත් උදවු කරන්නම්..
ela ela apen udaw onenam ,puluwan deekata apith innawa..
jaya wewa !
හම්... නමක් නම් එකපාරටම කල්පනා වෙන්නෙ නෑ.. හැබැයි ගේමක් දෙනව නම් රේ රූ ඔක්කොම කුඩු වෙලා යන්නම දෙමු :P
Post a Comment