ඔබේ පෙම්වතිය/පෙම්වතා ඔබව හැරදා ගියා ද?
විරහ වේදනාව ඉවසා ගන්නට බැරිද ?
ඔබ වෙනුවෙන් ඇයට/ඔහුට කරන්නට තව එකදෙයක් ඉල්ලා සිටිය හැකි ද?
හැකිනම් ඇයගේ /ඔහුගේ අසූච් බඳුනක් ඉල්ලා සිටින්න.
ඔබට ඇය/ඔහු මතක්වන සෑම විටම එය දෙස බලන්න.
මෙය ඇයගේ/ඔහුගේ නොවේදැයි සිතන්න.
ඔබට තවමත් ඈ ගැන හැඟුම් පහලවේ නම් මානසික රෝහලකට යන්න.
සටහන: අදහස පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ග්‍රන්තයක් මගින් ලබාගත්තක්. පුජ්‍ය අජාන් චා හිමි තම ශිෂ්‍ය හිමි නමකට දුන් උපදෙසක් අනුව ලීවෙමි.
Friday, January 30, 2009
පෙම්වතියගේ අසූච් බඳුන
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 2:01 PM
Subscribe to:
Post Comments (Atom)





15 ප්‍රතිචාර:
Hmm... Good idea!
ඇත්තටම හොද අදහසක්
Total sickness.
මෙවැනි සිතීම් මොනතරම් නිෂ්පල ද?
ඔබ ආදරය කලේ පෙම්වතාගේ/පෙම්වතියගේ අසූචි වලට නොව ඇගේ සිරුරටය. එය අසූචි වලට වඩා හාත්පසින්ම වෙනස් ය.
එමෙන්ම ඉහත කී තර්කය අනුව ඔබ ඔබගේ අසූචි බඳුනක් ලඟ තබාගෙන, ඔබට විනෝද වීමට අළුත් කොණ්ඩ මෝස්තරයක් දැමීමට සිතන හැම විටම ඔබගේම අසූචි බඳුන දෙසබලා මෙය මගේ නොවේ දැයි සිතන්න.
හිත රවට්ටගන්න මේවගෙ මොට්ට තර්ක වැඩක් නැහැ.
මිදි තිත්තයි කියපු නරියත් ඔය පාරේ ගියෙ කාලෙකට ඉස්සර.
Unfortuntely the real time converter is out of order. I will write a comment when it is availble.
Those who can see will see...
The human body is composed of the four great elements....
Theruwan Saranai....
විරහවෙ තියෙන්නෙත් එක්තරා රසයක්. දුම්වැටියක් උරාගෙන බූට් සින්දුවක් අහගෙන ඒ රසය විඳින්න ලැබීමත් එක්තරා ආකාරයක දුර්ලභ ලැබීමක් කියලත් වෙලාවකට හිතෙනවා (තව වෙලාවකට වෙලාවකට එහෙම හිටපු කාලෙ මතක් වෙනකොටත් ලජ්ජයි වගේ). කොහොම වුනත් මෙ ආකාර රසයක් ලබන්නට හැකි අවස්තාවක් මේ කියන පරිදි අසූචිබදුනක් ආධාරයෙන් මඟහැරවා ගැනීමනම් අපරාදෙ!
@මම මචන් ගින්දර
විරහවෙ එක්තරා රසයක් තියේ නම් කමක් නෑ. දුකක් නම් මගහරවා ගන්න ක්‍රමයක් තමා කිව්වේ.
@ape logic
ප්‍රතිචාර නොදක්වමි.
මෝඩ කන්සෙප්ට් එකක්. අනුන්ගේ නෙවෙයි තමන්ගේ අසුචි බකට් එකක් දැක්කත් ජීවිතේ එපා වෙනවා තමයි. නීලගිරියෙන් කාලා ටොයිලට් ගියාම දිව ඇදගෙන මැරෙන්නත් හිතෙයි.
ඔයා කියන විදියට අසුචි බකට් එකක් තියාගත්තම නිවන් දකින්නත් බැරි නැහැ. මොකද ලෞකික ආශාවන් දමනය වන නිසා.
දක්ෂ පුද්ගලයා අනුන් දෙස බලා සිටින නමුත්, එය කරන්නේ අඥාන බවින් යුතුව නොව ප්‍රඥාවෙන් යුතුවය. ප්‍රඥාවන්ත ලෙස බලන අයෙකුට බොහෝ දේවල් ඉගෙනීමට හැකිවෙයි. අඥාන බැවින් යුතුව බලන අයෙකුට කල හැකි වන්නේ වැරදි සෙවීම පමණකි. (අජාන් චා නැත. (අවබෝධය හා ප්‍රඥාව) - 138)
බොහෝ නේක අරුමෝසමින් හැඩ වැඩ කල සිරුරේ මතුපිටින් පෙනෙන මේ ඇස්, කන් නාසා, සම, කෙස්, මේ සියල්ලෙන් ලස්සන, ඇඳ බැඳගන්නා දෙයක් දිස්වෙනු ඇත නමුත් සමෙන් වැසුනු ශරීරයේ මේ සමට යටින් තිබෙන , මාංශ පේෂීන් , අස්ථි සහ රුධිරය ගෙන යන ධමනි ශිරා, නහර ආදිය ගැන හිතන්න. හැමදේම දිරායනවා, ඇතිවෙනවා නැති වෙනවා.
@ Bo,
ඉතින් මොකක්ද කරන්න ඕනා? බකං නිලං ඉන්න ද? ඔය විදියට හිතුවොත් ඔයත් අසූචි මුට්ටියක් කියලා පැත්තකට වෙලා ඉන්නං
අවසානයේදි සියල්ල අනිත්‍යයි..නමුත් අප මේ ජිවත් වන වටපිටාවත් සමග අපට බැදීම් වලින් තොරව ජිවත් විය හැකිද?
WTF ? this is sick! this is horseshit! i agree with "ape_logic".
only a sick moron could think of a girl this way around..
how can you think this way .. about the one you loved.. kissed.. tasted love ??
the monk must have had a nice slap from a girl it seems.. at the other hand .. this is really funny.. *if* the monk has never loved a girl..
how can a monk, who has never tasted what love is all about could comment this way ?
this is hilarious.. it's like a blind trying to elaborate on the spectrum ..
in short. this looks like ..
a blind leading another...
a monk tries to heal the wounds of love! ROTFLMAO
ආජාන් චා හාමුදුරුවෝ මෙය දේශනා කරන ලද්දේ ගිහිකල
පෙම්වතිය සිතින් අමතක කිරීමට උත්සාහ කරන ලද ස්වාමීන්
වහන්සේ නමකට එය පහසු කිරීමට. ගිහියෙකුට නොවේ.
නිවැරදි ලෙස විවාහය හෝ ලිංගිකව හැසීරීම වැරදි දෙයක්ලෙස කිසිදු
ලෙසක කුමන ස්තානයකවත් සඳහනක් නොවේ.
සාමාන්යෙක් බුදු කෙනෙක්වන්නට සිටින භවයේදී බොදිසත්වයෙක්
ඉපදෙන්නේ සමාජයේ ඉහලම සමාජ තලයක ඉතා ඉහලින්ම
ලෟකික සම්පත් ඇති තැනක නැතිනම් ධර්මය නොදන්නා අය එය
/අවබෝද කිරීමට නොහැකි අඥ්ඥානයන් විසින් ඔබේ
ශාස්තෘවරයා විවාහයේ රස නොදනී යන ඔය පහත් විවේචනය කරනු
ඇත.
මම මේ ධර්ම දේශනාව අහල තියෙනව :) podcast එකක් තියෙනව මේව ඇතුලත්
http://www.bswa.org/audio/podcast/AjahnBrahm.rss.php
කැමති අය අහන්න.
ඒක බොහොම රසවත් වගේ ම ප්‍රයෝජනවත් කතාවක්. අනික ඒ කතාව දෙසල තියෙන්නෙ භික්ශූන්වහන්සේ නමකට නේ. බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් නිරාකරනය කරන්න ආජාන් චා හිමියන් ගුරුවරයෙක් විදිහට දුන් උපදෙසක්.
බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ධර්මදේශනා කොහොමත් බොහොම බලවත්, තියුනුයි.
http://www.bswa.org/
වෙබ් අඩවියට යොමූ කිරීමට බෙහොම ස්තූතියි. මට බොහෝම වැදගත් අඩවියක්
Post a Comment