පංච තත්වයන් (five elements)

රාශි චක්‍රය හා භූතයෝ
ඉහත සටහනේ දක්වා ඇත්තේ විවිද රාශීන් තුල අග්නි, පෘථිවි, වායූ, ජල යන තත්වයන් පිහිටා ඇති ආකාරයයි. අවකාෂය සඳහා වෙනම රාශික් දක්වා නැත්තේ සෑම රාශියකම අවකාෂ තත්වය නිවේදන කරන අතර සියළුම තත්වයන් අතර සමබර තාව රැකීම අවකාෂ තත්වයේ වගකීමයි.
සන්තෘප්ත වීම, සමබර(බල)තාවය සහ යින් යැන් (Saturation and Balance)
සෑම විටම අග්නි රාශියකට ප්රතිවිරුද්දව වායු රාශියක්ද ජල රාශිකට ප්රතිවිරුද්දව පෘථිවි රාශික්ද ඇත. අග්නි තත්වය සන්තෘප්ත කිරීමට වායු තත්වයද වායු තත්වය සන්තෘප්ත කිරීමට අගිනි තත්වයද පෘථිවි තත්වයට සන්තෘප්ත ජල තත්වයද ජල තත්වය සන්තෘප්ත කිරීමට පෘථිවි තත්වයද සෑම විටම සැදී පැහැදී සිටී. මේ අකාරයට යමක් එයට විරුද්ධ දෙයක් සමග ඇතිකර ගන්නා සම්බන්දතාවට යින් යැන් යැයි චීන පාර විද්‍යාවන් හී සඳහන් වේ.
ස්වාභාවික විපත් හා භූතයෝ
යම් ආකාරයකින් කිසියම් තත්වයක් අසම්පෘප්ත භාවට හෝ පීඩාවකට පත්වූ විට එයට ප්‍රතිවිරුද්ද තත්වයට ද පීඩාවේ. සාමාන්යෙන් ස්වාභාවික විපත් එක පිට එක ඒමට මෙම ස්වභාවය හේතුවෙන භව සිතිය හැක. ආසන්නතම උදාහරණ වන මියන්මාරයේ සුළි සුළඟක් ඇතිවීම හා ඒ ආසන්න කාලයේ ඉන්දියාවටද සුළි සුළඟක් ඇතිවීම හා ඕස්ට්‍රේලියාව ප්‍රදේශයක් මීදුමෙන් වැසී යාම ආදීය වායු තත්වයේ අසම්පෘප්ත තවය නිසා සිදුවූ අතර ඒ ආසන්න කාලයේම චීනයේ භූමි කම්පාවක් සිදුවිය. මෙය අසම්පෘප්ත වායු තත්වය සන්තෘප්ත කරනු වස් අග්නි තත්වය දක්වන ප්‍රතිචාරය වන අතර සෑම විටම වායු තත්වය පීඩා වීම සමග අග්නි තත්වටද තම සමබර(සහ සමබල) තාවය රැකැ ගැනීමට අපහසු වේ.
පෘථිවියේ අභ්‍යන්තරය අග්නි හා ජල තත්ව ප්‍රබල වේ(ලාවා). ඒ නීසා යම් කිසි අයුරකින් පෘථිවියේ ජල තත්වය පීඩා වීනම් අභ්‍යන්තර ජල තත්වයද පීඩා විය හැකි අතර එය ගිනි කඳු පිපිරීමක් හෝ භූමිකම්පාවක් ලෙස පිටවිය හැක. ඒ අනුව සුනාමි වැනි සොභාවික විපත් ඇතිවීමට මේසේ පෘථිව අභ්‍යන්තර හා භාහිර ජල තත්වයන් පීඩා වීම අත්‍යාවශ්‍යය. සාමාන්යෙන් ගංවතුර හා මහ වර්ෂා ඇදහැලීමට පෘථිවිතත්වය සහ වායු තත්වය පිඩාවිය යුතුය.
ප.ලි.
මීට පෙර ලියූ මියන්මාරයේ (බුරුමයේ) සුළිසුළඟ යන ලිපියේ සඳහන්වූ පරිදිම 1/5/2008 - 21/6/2008 කාලය තුල පෘථිවියේ කොතැනකින් හෝ මහාපරිමාණයේ - සුළි සුළං, ටෝනඩෝ, අකල් වැසි, භූමි කම්පාවන් හා ගිනිකඳු පිපිරීම් වාර්තා වියහැකියි. තව දුරටත් පැදිලි කරන්නේ නම් මේ ලිපියේ සඳහන් කල ඇති පරිදි දැනට පීඩා වි ඇති වායු තත්වය හා එය සන්තෘප්ත කිරීමට වෙරදන අග්නි තත්වය නිසා ඇතිවිය හැකි ආකාරයේ සොභාවික විපත් ඇතිවිය හැකි බවයි.






