ලංකාවේ ඉන්න බොහෝමයක් උපතින් සිංහල බෞද්ධයන් තමන්ගේ අපල ගෙවා ගන්න පිං වැඩි කරගන්න කියලා කරන ගොන් වැඩැක්. මැරෙන්න යන කෙනෙක් බේරගන්න යන එක කොච්චර හොඳ දෙයක් ද? කියලා හිතෙනවා ඇති. ආ එහෙනම් කවදාවත් හරක්මස් කඩයක හරක් මස් නැති වෙලාවක් දැක තියෙනවාද? අද එක්කෙනෙක් හරකෙක් නිදහස් කළා ඒ නිසා අද හරක් මස් නෑ .
ඇත්තටම වෙන්නේ ඒ හරකා ගත්ත මුදලාලිට ඒ හරකා ගන්න වියදම් වුන මුදල වගේ 10 ගුණයක් විතර සල්ලි දීලා ගොනෙක් ඒ හරකාව එතනින් අරන් එනවා. ඊට පස්සේ මස් මුදලාලි ඒ සල්ලි වලින් හරකුන් දහයක් මිලට ගන්නවා. මිනිහා පොසත් වෙනවා. තව හරකුන් දහයක් මරණයට කැප වෙනවා. අපේ ගොන්නු දුප්පත් වෙනවා. මේක හොඳ සූදුවක් කිසිම මහන්සියකින් තොරව හරක්මරණ වසලයෙකුට මේ ගොන්නු සල්ලි දෙනවා. මේක කියවන අයටත් ඔය විදියේ ගොන් මොළයක් නැතිව ඇති කියල හිතනවා. මටත් ඕක වැටහුනේ අපේ අමිතානන්ද ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ තමා.
Tuesday, December 30, 2008
ගවයන් නිදහස් කරන ගොන්නු
Subscribe to:
Post Comments (Atom)





12 ප්‍රතිචාර:
ඕව ඔහොම තමා, අපි මොනව කරන්නද ? අනික ඔය හරක් බේරගැනීමෙන් කඩකාරයො හොදට හම්බකර ගන්නව.
මේ කතාව ඇත්ත. මාත් මේගැන බොහෝ දෙනෙක් දැනුවත් කළා. ඒත් මෙහෙම හරකුන් නිදහස් කරන අය එහෙම කරන්නේ ඒ මුදලින් තවත් හරකුන් දහයකට මරණය අත්වේවා කියන චේතනාවෙන් නෙමෙයිනේ. ඕනෙ දේකට මුල මනස කියනවානේ. ඒ නිසා හොඳ හිතින් වැඩක් කළොත් ඒකෙ අතුරු ප්‍රතිඵල මොනවා වුණත් පින ඒ විදියට ම ලැබෙනවා.
@අරවින්ද
ඒක ඇත්ත. පින කෙසේ වෙතත් වුනත් කුසලයක් නම් සිද්ධ වෙන්න විදියක් නෑ මෙගේ හිතේ. මොකද මොහය මුල් වෙලා කරන දෙයක් නිසා.
ඕ හරක් මස්. මමනම් කෑම නවත්තලා අවිරුදු ගානක්. මොකද මස් කරන ක්‍රමේ ෂුවර් නැති නිසා ලංකාවේ. මම මුස්ලිම්.අපිට හරක් මස් කන්න පුලුවන් හලාල් ක්‍රමයට මස් කරලානම්. ඒත් මම දන්න තරමට වදදීලානේ මරන්නෙ.ඒ නිසා මම වගේම මගෙ සමහර යහලුවන් මගේ පව්ලේ අයත් කන්නේ නැහැ.
කෙසේ නමුත් දැන් දැන් ලංකාවේ මස් පාරිභෝජනය කරන මුස්ලිම් වරු අඩුවෙලා. ඒත් කඩ වැහිලා නැහැ. මොකද මුස්ලිම්වරුන්ට වඩා අනිත් ආගමිකයොයි දෑන් මස් කන්නේ. බොරුනම් ගිහිල්ලා මස් කඩයක් ලග විනාඩි පහක් ඉදලා බලන්න.
හා තව දෙයක්. මමනම් කියන්නේ ලංකාවේ ගව ගාතනය නතර කරලා, මස් පිටින් ගෙන්නුවනම් කැමති අය කයි. අකමැති අය නොයයි. ලංකාවේ ගොන්නු ටික බේරෙයි. එහෙම උනොත් අපිට බැරියැ උන් ටික පස්සේ පාර්ලිමේන්තුවටවත් යවන්න. නැද්ද මං අහන්නේ. :)
@මුහම්මද් හසන්
ඇත්තටම ගොඩක් වටිනවා ඔබේ අදහස. ඔබ කියන කථාව ඇත්ත. මම අහලා තියෙනවා ඉංදියාවේ ඉන්න මුස්ලිම්(ඉස්ලාම් භක්තියන්) බහුතරය වෙජිටේරියන් කියලා. මට නම් මස්කඩයක් ගාව විනාඩියක්වත් ඉන්න බෑ. මොකද ඒ ගඳට මම කැමතිම නෑ.
මම මෙතන හරක්මස්(හෝ කුමන මාංශයක් හෝ) කෑම ගැන කථාකරන්න අදහස් කරේ නෑ. ඒක ටිකක් දිග වගේම ඉවරකරන්න බැරි මාතෘතකාවක්. නමුත් මෙන්න මේ අය තමා වැඩියෙන් හරක් මස් කන්නේ කියලා මට කියන්න ඕන කමක් නෑ. ගවයන් මැරීම අඩු කරන්න කියල හිතන් කරන ගොන් කම ගැන තමා කියන්න ඕන වුනේ.
මම අහලා තියෙනවා හලාල් ක්‍රමයට මරණවා නම් රත්වුනු තහඩුවක් මත හිඳගෙන මරන්න ඕන කියලා. ඒත් එහෙම කරනකොට කකුල් දෙක පිච්චෙනවානේ? නැතිනම් වෙනත් ක්‍රමයක් තියෙනවද? සමාවන්න නොදන්න කමටයි ඇහුවේ.
@මුහම්මද් හසන් ගේ දෙවන සටහනට
ආ. ඕ හොඳ අදහසක්. හැබැයි එක ගැටළුවක් තියෙනවා. දැනට එහේ(පාර්ලිමේන්තුවේ) ඉන්න ගොන්නුන්ට මොකද කරන්නේ.
කාරණා දෙකක් මෙතැන තියෙන නිසා අපි මධ්‍යස්ථව හිතන්න ඕනෙ. එකක් යම් සත්ත්වයෙක් කිනම් ආකාරයෙන් හෝ මරණයට පත්වන්නේ තමාගේම කර්මවිපාකයට අනුව.ඒක වලක්වන්න කාටවත් බෑ.කිනම් හෝ සත්ත්වයෙක් මාරක අණතුරකින් ගැලවෙනවනම් ඒ වෙන්නෙත් තමාගේ අතීත පුන්‍ය ශක්තිය මත.මධ්‍යස්ථ කාරණය නම් කෙතරම් කුසලාකුසල කර්ම තිබී ගැලඋනත් මරණය සෑම සියලු සත්ත්වයාටම ඒකාන්තයි.දසුන් මල්ලී කී අයුරින් මෝහය මුල්කරගෙන යම් ක්‍රියාවක් සිදුකරයි නම් ඒ අවිද්‍යාවයි.අවිද්‍යා පච්චයා සංඛාරා.එය පිනක් සිදුවන කරුණක් බව අරවින්ද මල්ලී කී දෙයට ධර්මය අනුව මමත් එකගයි.මෙතන තිබෙන්නේ"මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනොමයා" කියන අදහසයි.
මම උත්පත්තියෙන් බෞද්ධයෙක් වුනාට අවබෝධයෙන් බෞද්ධයෙක් උනා කිව්වොත් එය නිවැරදියි. මම ඉන්න රටේ මස් මරණ අන්දම දැක්කම මේ මිනිස්සුන්ට ගැලවීමක් වෙයිද කියලත් හිතෙනවා. වහු පැටවු ඉපදිලා සුමාන හයක් ඇතුලත, ඒ හරක් 'ගොවියගෙ' (ගවඝාතකයගෙ ) ඕනෑ එපාකම් අනුව වැඩිපුර ඉන්න වහුපැටවු ඔක්කොම යන්නෙ මස් කඩේට. උන් පාර අයිනෙ කූඩු වලට දාල තියෙනව ලොරිය ඇවිත් අරන් යනකල්. උන් උපන් ගමන් අම්මගෙන් වෙන් කරනව. අනේ එලදෙන රෑ තිස්සෙ කෑ ගහනව. උන්ගෙ කිරි තමයි හොරකම් කරල පිටි කරල රට පටවන්නෙ. ඊටෙ පස්සෙ උන්ගෙ මස් වලින් තමයි ඔය delicacies ජාති හදන්නෙ. උන්ගෙ කුර තමයි ජෙලටින් වෙලා එන්නෙ. බෞද්ධයෙක් හැටියට ඔය අහිංසක සත්වයින් මරල හදන 'රසවත්' කෑම ජාති කාල ඔය පවු කාර දේවල් වලට අහුවෙනවාට වැඩිය ඕව නොකා හිටියම දෙලොවටම හොඳයි. මස්ම කන්න ඕන නැහැ නේ, පරිප්පු, මුංඇට, ආදී කෑම ජාති තියෙන්නෙ. මේ මගේ පුද්ගලික මතයක් පමණයි. කිසිම පොතක මෙහෙම කරන්න කියල සඳහන් වෙලා නැහැ. ඒ වගේම මෛත්‍රී භාවනාව ඉතාමත් හොඳට පුලුවන් වෙනව. හැමදාම කරණ කොට හිතට ලොකු සෑනසීමක් දැනෙනෙව. මම හිතන අන්දමට ඒ බව සත්තුන්ටත් දැනෙනව. මම දැකල තියෙනව උන්ගෙ හැසිරීම වෙනස් ලඟට යන කොට.
@හේම ජයන්ත කොළඹගේ & සරත් ගුණතුංග
ඔබ දෙපලගේ අදහස් ඉතා වටිනවා. ජෙලටින් හදන්න හරක් කුර භවිතා කරන බව මම දැන ගත්තේ අදයි. කොහොම වුනත් ලංකාවේ නීතයේ හැටියට වසුපැටවුන් කිරි එළදෙනුන් ඝාතනය කරන්න බෑ. නමුත් ඒවා ක්‍රියාත්මක නොවන එකයි ගැටළුව.:(
ගවයන් නිදහස් කරන හැමෝම ‘ගොන්නු’ යයි හැඳින්වීම වැරදියි නේද? කියන කතාවෙ තර්කය නිවැරදියි, නමුත් හොඳ හිතින් එහෙම දෙයක් කරල සතුටු වෙන අය ඉන්නවා... තමන් නිදහස් කරන කිරි හරකෙක් කාට හරි නැති බැරි කෙනෙකුත බාර දීල, ඒ මනුස්සයටත් ආදායමක් උපයගන්න මර්ගයක් පාදල, තමනුත් තෘප්තිමත් වෙන අය ඔන තරම් ඉන්නවා. මමනම් හිතන්නෙ හරක් මැරෙන්නෙ ඉල්ලුම මත බව... කවුරු බේරුවත්, නැතත් ඉල්ලුම මත සැපයුම වෙයි, හරක් මස් කෑමට ඇති රුචිකත්වය මත... නමුත්, ඔය ගවයන් බේරන හැමෝම 'ගොන්නු' ම නොවන බව යි මගේ නම් හැගීම…
සුජිත්ගේ කමෙන්ට් එක මග ඇරුනා. සමාවන්න.
ලංකාවේ නීතියට අනුව කිරි හරක් මරන්න බෑ. වසුපැටවු මරන්න බෑ. එවැනි ගව ගාතනාගාර තියේ නම් ඒවා නීතියට හසු කර දිය යුතුයි. ඒ අනුව කිරි ගවයගේ ජීතිය බේරගන්න සල්ලි වියදම් කරන්න ඕන නෑ. ;) අනික ඒහෙම සල්ලිදීලා මිලදීගැනීමෙන් ඒ පුද්ගලයාට නීති විරෝදි ක්‍රියාවකට අනුබල දීමකුත් සිදුවෙනවා නේද?
Post a Comment