
දැනට මුදා හැරීමට අවසර ලබාගැනීමට හැකිවූයේ කපුටා ෆොන්ටය සඳහා පමණයි. කැන්ඩි ෆොන්ටයත් ලඟදීම මුදා හරින්නට හැකිවේවී. මෙහි වැරදි ඇති තැන් දැනුම් දෙන්න. බාගත කිරීම සඳහා මෙතනට(http://cplus.lk/kaputa-adobe-friendly/) යන්න.
Thursday, October 29, 2009
Kaputa Sinhala Unicode (Adobe friendly beta version)
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 3:24 PM 10 ප්‍රතිචාර
Wednesday, October 28, 2009
Sinhala Unicode in Apple

මේ දැන් සහතික කරගත් ආකාරයට නැවත සකස් කරන ලඳ ඔපන්ටයිප් ෆොන්ටය ඇපල් පරිගණකවලද ක්‍රිය කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තියනවා. ඒවා සකස් කළ හැකි තත්වයන්. මේ සඳහා ඇපල් පරිගණකයේ පරීක්ෂා කිරීමට සහය දුන් චින්තක අබේරත්න මහත්මයාට මගේ ස්තූතිය.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 11:31 PM 7 ප්‍රතිචාර
ප්‍රවර්ග Sinhala Unicode, පරිගණක, සිංහල යුනිකේත
Tuesday, October 27, 2009
Graphic Designing සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි
ඇති යන්තම් මෙන්න වැඩේ ඉවර කළා.. මේ සඳහා යොදාගත්තේ ඉස්කෝල පොත ෆොන්ට යයි. නීතිමය පසුබිම විමසා බලා ලඟදීම ඔබට ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 3:41 PM 41 ප්‍රතිචාර
ප්‍රවර්ග Sinhala Unicode, පරිගණක, මෘදුකාංග
Sunday, October 18, 2009
Sinhala Unicode වල අල වලට විසඳුම්
බොහෝමයක් බ්ලොග් සටහන්වල යුනිකේත වලට විවේචන, ඒවයේ තියෙන අඩුපාඩුකම් කතා වෙනව නිතරම. බ්ලොග් සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් නැති වුනත්, මේක නොලියා ඉන්න එක නොකර බැරි නිසා අත්‍යාවශ්‍ය කරුණු කෙටියෙන් සටහන් කරන්නම්.
මුලින්ම කියන්නට ඕනා සිංහල යුනිකේත වල කිසිම ආකාරයක වරදක් නැති බව. වරදක් තියේනම් ඒ සිංහල යුනිකේත භාවිතා කරන මෘදුකාංගයේ හෝ භාවිතා කරන පුද්ගලයාගේ යි. යුනිකේත ගැන අදහසක් නැතිනම් සිංහල යුනිකේත සැකසී ඇති ආකාරය ගැන ලියැවුනු මේ ලිපිය කියවන්න කියලා ආරධනා කරනවා. නමුත් වැඩැක් කරන්න ගියාම ඒක කරන්න බැරිනම් සිංහල යුනිකේත වල වරදක් නෑ කියන කතාවේ තේරුමක් තියනවද? දැනට මූලික වශයෙන් පවතින ගැටලු ටික මතක් වෙන හැටියට කෙටියෙන් කියනවනම්,
1. යතුරු ලියනයේ ගැටලු
මැසිවිලි,2. වෙබ් අඩවි වලට සිංහල යුනිකේත භාවිතා කළ විට යුනිකේත ස්ථාපනය නොකරන ලද පරිගණකවල දී සිංහල නිවැරදිව නොපෙනීම හෝ කොටු පමණක් පෙනීම.
- විජේසේකර යතුරු පොවරුව පුහුණු වීම අපහසුයි.
- අකුරු හරියට යතුරු කරන්න බෑ එහාට මෙහාට පනිනවා.
- XP SP3 වල යතුරු පොවරුව ස්ථාපනය ගැටලු පැන නැගීම.
- වින්ඩොස් සෙවන්/විස්ටා වල යතුරු ලියන ගැටලු.
3. ෆොටෝෂොප්/ඉලස්ට්‍රේටර්කොර්ල්ඩ්‍රෝ ආදි ග්‍රැෆික් මෘදුකාංග වල සිංහල යුනිකේත භාවිතා කිරීමට ඇති නොහැකියාව.
දැන් උත්තර,
1. යතුරු ලියනය අපසුනම් ෆොනටිකල් ආකාරයේ යතුරු පොවරුවක් භාවිතා කිරීම වැරැද්දක් නොවේ. නමුත් අමාරුවෙන් හරි විජේසේකර යතුරු පොවරුවට පුරුදුවෙනවා නම් ඉතාමත් වටිනවා. අඩුම යතුරු පහර ගණනකින් වේගයෙන් යතුරුලියට නම් ඉතින් විජේසේකර යතුරු පොවරුව තමයි. ආධුනිකයන්ට තියෙන ප්‍රධානම ගැටලුව සිංහල අකුරු පිහිටා ඇති තැන් අඳුරාගනීමේ අපහසුව. හොඳම ක්‍රමය තමයි සිංහල යතුරු මුද්‍රණය කරල තියෙන යතුරු පොවරුවක් මිලදී ගැනීම. නැතින්ම් සිංහල අක්ෂර සහිත ස්ටිකරයක් යතුරු පොවරුවේ අලවාගැනීම.(ICTA මගින් මෙවැනි ස්ටිකර් බෙදාදීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක වන බව අසන්නට ලැබුනා.)
දැනට සෑම වින්ඩොස් පද්ධතියකටම වගේ සිංහල යතුරු ලියන සඳහා IME(Input method editor) එකක සහය ලබාගැනීමට සිදුවීම කනගාටුවට කරුනක්. වින්ඩෝස් සෙවන් වලදී මේ තත්වය වෙනස් වන බවට ඉඟි පලවෙතත් ඒ පිලිබඳ විශ්වාසක් නෑ. සමහර අවස්තාවලදි Windows XP SP3 පද්ධතියේ දෝෂ නිසා සියබස් අඩවිය විසින් ලබාදෙන IME එක නිවැරදිව ක්‍රියාත්මක නොවන අවස්ථා අප දැක තියෙනවා. මා විසින් keyTouch නමින් IME එකක් නිර්මාණය කර ඇති අතර එම මෘදුකාංගය නොමිලේම නුදුර අනාගතයේ නිකුත් කිරීමට මා අදහස් කරනවා. ඕනෑම වින්ඩෝස් පද්ධතියක ස්ථාපනය කළ හැකිවීමත් තමන්ට කැමති ආකාරයට යතුරු පොවරුව සකස් කරගැනිමට හැකි විමත්(විජේසේකර/ෆොනටික්/සිංහල/දෙමළ/හින්දි ඕනෑම යුනිකේත භාවිතා කරන භාෂාවක් සඳහා භාවිතා කළ හැකියි.) මෙහි විශේෂත්වක්.
2. අලුතින් නිකුත් වන පද්ධති සියල්ලම වගේ යුනිකේත දර්ශණය හොඳින් කරනවා. නමුත් සමහර පැරණි පද්ධති(Windows XP) යුනිකේත ස්ථාපය නොකර පරිගණකයන් වෙබ් අඩවියට පැමිණි විට යනිකේත ස්ථාපනය කරන්න යොමු වෙනවා. සාමාන්‍ය තාක්ෂණ පිලිබඳ දැනුමක් අඩු අයමේ නිසා වෙබ් අඩවිය නැරඹීම අධෛර්‍යය කරවන බව සමහර ලාභ පරමාර්ථ කර ගත් වෙබ් අඩවි නිර්මාණකරුවන් නිතර කියන කතාවක්. මේක වැරදියි කියන්න බෑ. නමුත් මේසඳහා විසඳුමක් නැත්ද? මේ පිලිබඳව පොඩි පරීක්ෂණ කීපයක් කරලා විසඳුමක් හොයාගත්තා. මේ වැඩේට කරගෙන යද්දී මලින්තත් සහය දුන්නා. නමුත් මේ ක්‍රමයේ තවමත් ගැටලු කීපයක් තියෙනවා.
1. Firefox 3.5, Safari, Opera 10 and IE6 (chrome officially not yet) හෝ ඉහල සංස්කරනයන් හී පමණක් ක්‍රියා කිරීම.පරික්‍ෂා කිරීමට ඇවැසිනම් http://www.cplus.lk/font-embedding/ අඩවියට යන්න. සාමානයෙන් css3 ක්‍රමයේ @font-face භාවිතයෙන් තමයි මේක කලේ. නමුත් මෙහිදි මම කපුටා ෆොන්ටයට අලුතින් රූල්ස් කීපයක් ඇතුලත් කළා. ඒ නිස යුනිකේත රෙන්ඩරින් සහය නැති පද්ධතියකදී වුවත් බොහෝමයක් අක්‍ෂර නිවැරදිව පේනවා. අවාසනාවකට කොම්බුව සහිත අක්‍ෂර තාමත් නිවැරදිව ක්‍රියා කරන්නෑ. මේ සඳහා විසඳුමක් ලැබේවි කියලා හිතනවා. මේය සිදු කරන ආකරය ගැන සම්පූර්ණ විස්තරයක් කාලවේලාව ලැබෙන හැටියට ඉදිරියේදි ලියන්න බලාපොරොත්තු වෙනවා.
2. පද්ධතියේ රෙන්ඩරින් සහය නැති විට කොම්බුව නිවැරදිව දර්ශණය නොවීම.(මේ සඳහා විඳුමක් සොයමින් සිටී)
3. Adobe CS4 වලදී හොඳින් යුනිකේත ෆොන්ටයේ අභ්‍යන්තර රූපක සහ රූල්ස් වෙනස් කිරීම මගින් නිවැරදිව දර්ශනයවෙන තත්වයට සකස් කරන්න පුලුවන්.
ඉහත දැක්වෙන්නේ ඒ ආකරයට වෙනස් කරන ලද කපුටා ෆොන්ටයකින් යුනිකේත දර්ශනය වෙන ආකාරය, රේපය වැරදියට දර්ශනය වීම රූල්ස් මගින් නැවැරදි කළ හැකි තත්වයක්. නමුත් වේලාව ගැටලුවක් නිසා තවම සම්පූර්ණ කරන්න ලැබුනේ නෑ. ICTA එක මගින් පවත්වනු ලැබූ ෆෝන්ටයන් පිලිබඳ සම්මන්ත්‍රණයේදී බොහෝ දෙනා නව යුනිකේත ෆොන්ටයන් නිර්මාණය කරණු ලැබුවා. අනාගතයේදී ඒවාද නිකුත්වේවි. (මේ සඳහා ICTA, UCSC හා දේශන මගින් දැනුවත් කිරීම් කරන ලද ආචාර්ය වරු අතුලු සියලු දෙනාට මාගේ ස්තූතිය.) මේ ආකරයට ග්‍රැෆික් සඳහා භාවිතා කළ හැකි ආකාරයට ඒවා සකස් කිරීමට ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා. කොරල් X4 ඕපන්ටයිප් සඳහා සහය දක්වන බව වෙබ් අඩවියේ සඳහන් කර තිබුනිසා බොහෝ දුරට එහිද මේ ආකාරයට සකස් කරන ලද යුනිකේත අක්ෂර නිවැරදිව දර්ශනය වේවීයැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. නමුත් අත්හදා බලා නොමැත.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 7:40 PM 20 ප්‍රතිචාර
ප්‍රවර්ග Sinhala Unicode, පරිගණක, මෘදුකාංග, සිංහල යුනිකේත
Saturday, October 10, 2009
Panorama ක්‍රමේට ගත්ත පිංතූරයක්.
මේ අත්හාදා බැලීමකට ගත්ත පිංතූරයක්. colour balance එහෙම ටිකක් අප්සට්.
http://s.dasun.googlepages.com/rooftop.html
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 6:28 PM 6 ප්‍රතිචාර
Thursday, August 20, 2009
සංයුක්ත තැටියෙන් එන ඊ-සඟරාවක්
අලුත් අවුරුද්දේ අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ. ඊ-සඟරාවක් කළ යුතුයි කියන එක කාලයක සිට සිතේ තිබ්බ අදහසක්. නොයෙක් හේතුන් නිසා මේ අදහස යට ගිහින් තිබ්බේ. නමුත් ලබන වසර ආරම්භයත් සමග අලුත් සඟරාව එළි දක්වන්නයි අදහස් කර සිටින්නේ. සංයුක්ත තැටියකින් සහ කුඩා මුද්‍රිත සඟරාවකින් යුත් පැකේජයක් ලෙස නිකුත් කරන්නට අදහස් කර සිටින මෙය තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනික වටිනාකමකින් යුත් විෂයන් අලලා සකස් කෙරෙනවා. බ්ලොග්කරණයේ ක්‍රියාශීලි සාමජිකයන්, ක්‍ෂ්ත්‍රයේ ප්‍රවිණයන් ගේ දායකත්වය සහිතව මාසිකව නිකුත් කරීමට අදහස් කර සිටින මෙම සඟරාව දිවයින පුරා බෙදා හරිනු ලබනවා. මේ සඟරාව රුපියල් සියයක් වගේ පහසු මිලකට ලාබා දෙන්න කටයුතු කරමින් සිටිනවා.
සංයුක්ත තැටියකින් එන නිසා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ද එක්ක කළ හැකි වීම විශේෂ වාසියක්. සෑම විටම සඟරාව තුල අඩංගු වන සියලු අංගයන්ගේ ප්‍රතිරූපණ අයිතිය(copyrights) සුරැකීමටත් අන් අයගේ ප්‍රතිරූපණ අයිතීන් ආරක්ෂා කිරීමටත් බැඳී සිටිමු.
සඟරාව සඳහා විවිධ නාමයන් කීපයක්ම ඉදිරිපත්ව ඇතත් ඔබටද මෙවන් සඟරාවකට උචිත නමක් යෝජනා කළ හැකිනම් ඉතා අගෙයි. තවද සඟරාව සඳහා තාක්ෂණික, අධ්‍යාපනික හා වෙනත් විශේෂාංග ලිපි ලිවීම මගින් හෝ ශ්‍රව්‍ය දෘශය වැඩසටහන් සම්පාදනය මගින් මේ සඳහා දායකත්වය දැක්වීමට කැමති අය info@sigma.lk ලිපිනයට ලියන්න.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 12:35 PM 4 ප්‍රතිචාර
Friday, May 29, 2009
Airtel අලද? පොඩි සිම්පල් ප්ලෑන් එකක් ට්‍රයි කරලා බලමුද?
දැනට තියෙන හැම මොබයිල් බ්රෝඩ්බෑනඩ් කනෙක්ෂන් එකක්ම බලලා සාක්කුවට හොඳම සේවය වශෙයෙන් Airtel තෝරගත්තට මොකද? යුරෝපීය සහ ඇමරිකානු සර්වර් වල ඇති අඩවි වලට සම්බන්ධ වීමේදී ඉතා අඩු වේගයක්තමයි තියෙන්න්. Torrent වගේ p2p වැඩ කරන වෙලාවටනම් ඉතාමත් සතුටු දායක වේගයක් තියෙනවා.
කොහොම වුනත් Airtel ලගේ තියෙන ලොකු අලයක් තමයි ඒ අයගේ DNS server එක මගින් IP එකක් තොරලා දෙන්න තත්තපර කීපයක් ගත වෙන එක. සමහර වෙලාවට තත්පර 10ක් පමණ යනවා. මේක සම්පූර්ණයෙන්ම වගේ නවත්තන්න පුළුවන් Open DNS වලට මාරු වුනානම්. http://www.opendns.com ගිහින් OpenDns වලට මාරුවෙන්න. ඒ අඩවියේ අවශ්‍ය උපදෙස්තියෙනවා. OpenDNS සෙටප් කරාට පසු Mobile Partner මගින් අන්තර් ජාලයට සම්බන්ද නොවන්න. ඒ සඳහා නෙට්වර් කනෙක්ෂන් එක භාවිතා කරන්න(ex: start>Connect to> Airtel). නැතනිම් Mobile Partner මෘදුකාංගය මගින් නැවතත් DNS Server එක මාරු කරනවා. මේ ඉඟිය ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ;)
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 12:42 PM 10 ප්‍රතිචාර
ප්‍රවර්ග පරිගණක
Thursday, May 21, 2009
Windows XP x64 Edition එක සඳහා සිංහල කියවීමේ පහසුකම
ගිනි මකරාගේ කාර්යාලය පරිගණකයත් සමග පොඩි සෙල්ලන් ටිකක් දාලා මේක හොයාගත්තේ.
මුලින්ම ඕනෑම සිංහල යුනිකේත ෆොන්ට් එකක් ස්ථාපනය කරන්න. iskoola pota වඩාත් හොඳයි. ඉන්පසු usp10.dll(http://www.sinhalawebdirectory.com/usp10.dll) එක ඔබ භාවිතා කරන මෘදුකාංග පිහිටි ස්තාන වලට පිටපත් කරන්න. එච්චරයි.
උදා-
C:\Program Files\Mozilla Firefox
C:\Program Files\Internet Explorer
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\Application
C:\Program Files\Google\Google Talk
සැ.යු. system32 වල ඇති usp10.dll එක replace කරන්නට එපා. ඔබට අවධානමක් ගත හැකිනම් උත්සාහ කරලා බලන්න ;)
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 4:32 PM 1 ප්‍රතිචාර
ප්‍රවර්ග පරිගණක
Monday, May 18, 2009
Monday, May 11, 2009
ප්‍රීතී වෙසක් - Happy Wesak
වෙසක් දවසේ හතර වටෙන් යාළුවෝ සුභපතන්න ගත්තා ප්‍රීතී වෙසක් කියලා. බොහෝ වෙලාවට මුකුත් නොකියා ඉන්න බැරි නිසා සුභ වෙසක් දිනයක් වේවා කියලා ප්‍රතිචාර දැක්වුවා. කාලීනව සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් ආගම් වල සම්ප්‍රධායන් එකතු වෙලා තියෙනවා. උදාහරණයක් ලෙසට කැරොල් ගීත ගායන භක්ති ගීත ලෙසින් බෞද්ධයන් අනුගමනය කළා. එයින් බෞද්ධ කමට හානියක් වුනේ නෑ.(මෙය ඕල්කට් තුමා විසින් සිංහල බෞද්ධයන්ට හඳුන්වා දුන්නක්.) බෞද්ධයන් වෙසක් කාඩ් යවන්න පටන් ගත්තා. මේකත් බටහිර අභාෂයෙන් ගත්ත දෙයක්. නමුත් එයින් බෞද්ධ කමට හානියක් වුනේ නෑ. නමුත් happy x-mas වගේ happy wesak කියන්නත් දැන් පුරුදු වෙලා. (නත්තල් දිනයට happy x-mas කීමත් සමහර ක්‍රිස්තියානි භක්තිකයන් ප්‍රතික්ෂේප කරනවා.)
සතුටු වීම බෞද්ධ කමට හානියක් නෙවෙයි. නමුත් වෙසක් දිනය යනු කුමක්ද කියා අවබෝධයෙන් ඉන්න කෙනෙක්ට මේ විදියට ප්‍රීති වෙසක් කියලා කියන්න කොහොමට වත් හිතෙන්න විදියක් නෑ. වෙසක් දිනයට සුභ පැතීමත් අවශ්‍ය නෑ. එහෙම දෙයක් ඕනෙමයි කියලා හිතෙනවනම්. ආධ්‍යාත්මය වර්ධනය වෙන වෙසක් දිනයක් වේවා! වගේ දෙයක් කීවට වරදක් නෑ.
ලියුම් කරු Dasun Sameera - දසුන් සමීර at 7:08 PM 2 ප්‍රතිචාර





